ආර්ථිකය ගැන උපදෙස් දෙන්න ධම්මික පෙරේරා ඇතුළු 14ක්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත්කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා ඇතුළු ව්‍යාපරිකයන්, මහාචාර්යවරුන් ඇතුළු 14 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් මේ අනුව පත්කර තිබේ.
මෙම කමිටුවේ සාමාජිකයන් - මහාචාර්ය එච්.වී කරුණාරත්න, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය දුෂ්නි වීරකෝන්, ධම්මික පෙරේරා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, අෂ්රෆ් ඔමාර්, ආචාර්ය හාන්ස් විජේසූරිය, විශ් ගෝවින්දසාමි, එස්. රෙංගනාදන්, රංජිත් පේජ්, සුරේෂ් ද මෙල්, ප්‍රභාෂ් සුබසිංහ, දුමින්ද හුලංගමුව, සුජීව මුදලිගේ
popular news
-
Nandana Tuesday, 15 March 2022 08:04 AM
Business man always try to develop his own company not the country, Am I wrong ?
Reply : 0 0
කැලුම් Wednesday, 16 March 2022 10:45 AM
අනේ මෙහෙමත් දේශපාලුවො ඉන්න රටක් , රට බංකොලොත් කරන්න උදව් කරලා, නැවත රටට ආදරෙයි කියනවා නම් යවන් ඕනා අංගොඩටම තමයි. දේශපාලකයො සියල්ලම එක වල්ලෙ පොල්, තමුන්ගෙ මඩිය තරකරගෙන මහජනයාගෙ මුදල් අයුතු ප්‍රයෝජනයට අරගෙන මොන සැප වින්දත් දේශය පාලුකල අයගෙන් වැඩක් තිබේද. ඉන්න ටික කාලෙ සෙල්ලම් දායි, ඉන්පසු යන්න වුණාම සතර අපායට තේරෙයි රගේ. මොන තරමි පවු කරලාද මෙහෙම උනේ කියලා. එතකොට ඔය කව්රුත් එන්නෙ නැහැ බේරගන්න . අනේ කාලේ සියළු දේශපාලුවො නිතර අපායට යන විදිය වාසේ තමයි.
Reply : 1 3
ඇතුල Wednesday, 16 March 2022 03:39 PM
නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් 7 පට්ටියක් තිබුනත් මදිලු ? Tile කොල්ලකාරයින්ට වාසි වෙනවිදිහට උපදෙස් ලැබේවි
Reply : 0 2
Jeewa Saturday, 19 March 2022 11:10 AM
හොරු නැවත වතාවක් ගෙනාවෙත් අපේ මහජනතාවම තමයි කොහොමද වෙනස මාර සැප නේද අමිමෝ ඒ සැප ගෝටට මුටිටි අල්ලන එවුන්ටත් නැතුව ගියා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

